රටේ වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සකස් කිරීමේදී බලපෑම් ඇති කළ හැකි අවදානම් කරුණු 6ක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරනු ලද පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
මේ වනවිට මැදපෙරදිග උණුසුම් තත්ත්වය නිසා ගෝලීය වර්ධන මන්දගාමී වීම, ඛනිජ තෙල් ඇතුළු ගෝලීය භාණ්ඩ මිල ඉහළ යෑම, දේශීය නිෂ්පාදන වල පිරිවැය ඉහළ යෑම, ස්වභාවික ආපදා හා අහිත කර කාලගුණය, පරිපාලන හා ප්‍රසම්පාදන කටයුතු වලදී ඇතිවන ප්‍රමාද වීම්, පුනරාවර්තන වියදම ඉහළ යෑම යන කරුණු වේ.
මහ බැංකුව තවදුරටත් සදහන් කළේ, එම සාධක වල සමස්ත බලපෑම ආදායම් උප්පාදනය හා සංවර්ධනය මන්දගාමී වීමටත්, පුනරාවර්තන වියදම් වැඩි කිරීමටත්, රාජ්‍ය මූල්‍ය හිඟයට හා රජය ණය ගැනීමේ මට්ටමට බාධා ඇති කිරීමට හේතු වන බවයි.

