Image

ජනතාවට සහන නොදෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව නව නීති.!

වෙළඳපොළ තුළින් ජනතාවට ලැබිය යුතු සහන නිසි ආකාරව ලබා නොදෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී නව නීති ක්‍රමවේද හරහා පියවර ගැනීමට සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

වෙළඳපොළ තුළ පවතින විවිධ අකටයුතුකම් මඟහරවමින් ඉතාම කෙටි කාලයකදී රටේ ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමි බවත් පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වේල සාමාන්‍ය මිල ගණන් යටතේ ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST