Image

ප්‍රතිපාදන අවසන්.. මේ වසරේ හැකියාවක් නෑ.! අමාත්‍ය විජිත හේරත්

පළාත් පාලන මැතිවරණය ලබන වසර ආරම්භයේදී පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද මහනුවරදී පැවසීය.

මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ ඇමතිවරයා, මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බව පෙන්වා දුන්නේය.

“පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. නමුත් මේ වසරේ මේ මැතිවරණ පවත්වන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නැහැ. එබැවින් පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වෙනු ඇත” යැයි ඔහු සඳහන් කළේය.

TRENDING POST