Image

වාහන ආනයනය ගැන IMF වෙතින් උපදෙස්.!

මෙරටට වාහන ආනයනය කිරීමේදී රටේ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් සදහන් කරයි.

වාහන ආනයනය සදහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය රටේ මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරනු ඇති බවද ප්‍රධානී පීටර් බෘෘවර් සදහන් කරයි.

ප්‍රධානී පීටර් බෘෘවර් සදහන් කළේ,

“මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලියි.

ඒ පිළිබඳ අප මෙවර ඇගයීමේදි මෙන්ම මීට පෙර ඇගයීමේදි ද සාකච්ඡා කළා. වාහන ආනයන සීමාවන් ඉවත්කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක්ද වනවා.

එමගින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුවත් රටේ සංචිත පිළිබඳ අවධානය යොමුකර පරික්ෂාකාරීව එය කළමනාකරණය කළ යුතුයි.”

ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රධානී පීටර් බෘෘවර් මේ බව සදහන් කරයි.

TRENDING POST