Image

නාඩු සහල් රුපියල් 200/= ට පහතින් වෙළෙඳපොළට.!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වෙළෙඳපොළ තුළ නාඩු සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව සහ දැනට පවතින සහල් හිඟය සැලකිල්ලට ගෙන, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා සමඟ එක්ව අදාළ පාර්ශ්වයන් විමසමින් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, තැම්බූ නාඩු සහල් වර්ගයට සමාන සහල් (ස්වර්ණ) වර්ගයෙන් සහල් මෙට්‍රික්ටොන් 70,000ක් වහාම ආනයනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය ඒ අනුව අනුමැතිය ලබා දී තිබේ.

මෙම තීරණයත් සමඟ මේ වන විට වෙළඳපොළ තුළ රුපියල් 230 ඉක්මවා අලෙවි වන නාඩු සහල් කිලෝවක මිල, ඉදිරියේදී රුපියල් 200ට වඩා අඩුවෙනු ඇතැයි ආර්ථික විෂ්ලේෂකයන් පෙන්වා දෙති.

TRENDING POST