Image

ජනපති අනුර රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.!

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ආපදා කළමනාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ යම්කිසි අධ්‍යනයකින් පසුව බවත් එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමක් බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එසේ ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ආපදා කළමණාකරණයට අදාළ නෛතික රාමුව ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

ව්‍යසන කළමනාකරණය සඳහා රජය දරන වියදම ඉතා විශාල බවද නීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් එම මුදල් අවම කර ගැනීමට හැකි බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST