Image

අවසර පත්‍රය අවලංගුයි.. 15න් පස්සේ නීතිය ක්‍රියාත්මකයි.!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වාහන අංක තහඩුවක් ලබාගැනීම සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, අංක තහඩුව 2024 දෙසැම්බර් මස (15) වැනි දිනට පෙර ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

2024 දෙසැම්බර් (15) න් පසු රථ වාහන සදහා තාවකාලික අංක තහඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය වන රථ වාහන සදහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මෙතෙක් ඔබට නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්‍රය 2024 දෙසැම්බර් (15) දිනෙන් අවලංගු වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.

TRENDING POST