සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
ශ්‍රී ලංකාව ණය ගෙවීමට යාමේදී අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක් බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇති බවත් සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මහ බැංකුව වසරකට පමණ අවශ්‍ය වන මුදල් නෝට්ටු අච්චු ගසා ගබඩා කරගෙන තබාගෙන සිටිනා බවද සදහන් කරයි.
වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුරු දිසානායකගේ අත්සන සහිත මුදල් නෝට්ටු සංසරණය වන කාලයක් සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් තමන්ට ප්‍රකාශ කල නොහැකි බවද සදහන් කරයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කළේ,
“දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5යි. එතකොට 2027 වෙනකම් පොලිය විතරයි ගෙවන් තියෙන්නේ. සමහර ණය ගෙවීම දික්කරලා තියෙනවා 2040 වෙනකම්. සමහර ඒවා 2038 වෙනකම්. සමහර ඒවා 2032 වෙනකම්.
එහෙම දීර්ඝ කාලීනව ණය ගෙවන ක්‍රමයක් තුළ 2028 දී එකපාරටම මේ ටික ගෙවන්න වෙන්නේ නෑ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. අපට ණය දීපු අය දකිනවානම් අපට මේ ණය නැවත 2028දී ගෙවාගන්න බෑ කියලා, ඒ ගොල්ලෝ එකඟ වෙන්නේ නෑනේ මේ අවුරුදු ගාණන ණය ප්‍රතිව්‍යුහගතකරන්න.”
මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සදහන් කරයි.

