මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැතිය යුතු බවත් ඒ සදහා කොමිෂන් සභාව සූදානම් බවත් විභාග වලට බාධාවක් නොවන ආකාරයට දිනය යොදා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනයක් සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බවත් මැතිවරණ කොමිසම ඉදිරි දිනවල යළි රැස්වී අවසන් දිනය තීරණය කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

