අස්වැසුම ප්රතිලාභ වැඩසටහනට මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සදහා 2024.11.25 දින සිට 2024.12.02 දින දක්වා සහන කාලයක් ලබා දුන්නේය.
එහෙත් පවතින අයහපත් කාලගුණික තතත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම වැඩසටහන සදහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්, අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන මහජනතාවට සහනයක් සැලසීම සදහා මෙම කාල සීමාව දීර්ඝ කර ඇත.

