ඇමතිවරුන්ට බදු හෝ කුලී පදනමින් අරන් තිබෙන නිවාස නැවත නඩත්තු කරන්නේ නැති බවත් රජය සතු නිල නිවාස ගණනාවක් තිබෙන බැවින් එම නිල නිවාස පිරිසිදු කර නඩත්තු කිරීමේ වගකීම රජයට පැවරී තිබෙන බව කථානායක ආචාර්ය ආශෝක රන්වල සදහන් කරයි.
බදු හෝ කුලී පදනමින් රජයට පවරාගත් නිල නිවාස ඇමතිවරුන්ට හිමි නොවන බවත් එම නිල නිවාස රජයට හිසරදයක් බවත් ඇමතිවරු නැවත එවැනි ක්‍රියාමාර්ග වලට යයි කියා තමන් විශ්වාස කරන්නේ නැති බවද කථානායක ආචාර්ය ආශෝක රන්වල සදහන් කරයි.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තමන් විසින් අධීක්ෂණය කළ අතර එයා ඉතාම දුර්වල මට්ටමේ පැවති බවත් නඩත්තු නොකිරීම නිසා කඩා වැටීමට ආසන්නයේ පවතින බවත් මේ දිනවල එහි නඩත්තු කටයුතු සිදුකරන බවද කථානායකවරයා සදහන් කරයි.
කථානායක ආචාර්ය ආශෝක රන්වල සදහන් කළේ,
“නිල නිවාස වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලිකව බදු පදනම මත රජයට පවරා ගත්ත නිල නිවාස. ඒවා රජයට බරක්, හිසරදයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඇමතිවරු නැවත එවැනි ක්‍රියාමාර්ග වලට යයි කියල මම විශ්වාස කරන්නේ නැහැ.
බදු හෝ කුලී පදනමින් අරන් තිබෙන නිවාස නැවත එලෙස නඩත්තු කරන්නේ නැහැ. නමුත් රජය සතු නිල නිවාස ගණනාවක් තියෙනවා. ඒ නිල නිවාස පිරිසිදු කරමින් ඒවා නඩත්තු කිරීමේ වගකීම රජයට පැවරිලා තියෙනවා.
අපි විශ්වාස කරන්නේ ඒ නිල නිවාස ඇමතිවරුන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැතුව රජයේ පොදු කාර්ය වෙනුවෙන් පාවිච්චි කරයි කියල. කැබිනට් ඇමතිවරු කිසිවෙක් නිල නිවාස ඉල්ලීම් කර හෝ නැහැ.”
කැළණිය බොල්ලෑගල මානේල්වත්තේ පිහිටි නාගානන්ද බෞද්ධ අධ්‍යන ආයතන පරිශ්‍රයේ පැවති පුජාවකට එක්වෙමින් කථානායක ආචාර්ය ආශෝක රන්වල මේ බව සදහන් කරයි.

