Image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් බලපත්‍රය අහෝසියි.!

පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය නව රජය මගින් ලබා නොදෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආන්නද විජේපාල සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සෑම වසර පහකට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් ‌නොවනු ඇති බවද අමාත්‍ය ආන්නද විජේපාල සදහන් කරයි.

තවද නව රජයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සදහා නව වාහන ආනයනය නොකරන බවද අමාත්‍ය ආන්නද විජේපාල තවදුරටත් සදහන් කරයි.

TRENDING POST