Image

සිලින්ඩරේ අවසන් මන්ත්‍රී ධුරය රවීගේ නෝනට දෙන්න.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් ඉතිරි මන්ත්‍රී ධුරය රවී කරුණානායකගේ බිරිඳට ලබා දුන්නත් කමක් නැතැයි හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සදහන් කරයි.

අවසන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සදහන් කළේ,

“ඒක නම් මම කතා කරන්නවත් කැමති නෑ. ඒක අප්පිරියයි. ඒ නිසා ඕන එකෙකුට ඕන විදිහකට ඕක ගියාවේ. මගේ නම දාන්න හැදුවා තරග කරන්නේ නෑ කිව්වාම. මම කිව්වා අපෝ නම දාන්න එපා කියලා. ඒක කාට දුන්නත් කමක් නෑ.

මට නම් ඒක කිසිම වැදගත් කරමක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන කෙනෙකුට ඕක දෙන්න කියන්න. රවීගේ නෝනට දුන්නත් කමක් නෑ. ඒකටත් මම කැමතියි. කිසිම ගැටලුවක් නෑ. එහෙම නැතිනම් අර ලේකම් තුමිය. එතුමියටම පත් වෙන්න කියන්න. ඒක වඩා හොඳයි.”

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අතර තුර හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST