සමාජ මාධ්‍ය තුළ බහුලව කතාබහට ලක්වන පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමියන් ශ්‍රී ලංකාවේ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්රචාරක කටයුතුවලින් සදහටම සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.
හිමියන් මෙම තීරණය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තම අනුගාමිකයන් දැනුවත් කර තිබේ.
උන්වහන්සේ සඳහන් කර ඇත්තේ භික්ෂුවක් ලෙස ශ්‍රී ලංකාවේ සිදුකළ සියලු ධර්ම දූත සේවාවන් මෙතැන් සිට අවසන් බවයි.


