පාර්ලිමේන්තුව අද (04) දිනයේ රාත්රී නවය තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
කථානායක අශෝක රන්වලගේ ප්රධානත්වයෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රැස්විය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද දින ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය කර ඇත.