Image

පාසල් දරුවන්ට එළඹෙන පාසැල් වාරයේ සිට රුපියල් 6000ක දීමනාවක්.!

ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වන පරිදි දරුවන් සඳහා විශේෂිත සහන වැඩසටහනක් රජය ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලාභී මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල රැකවරණය යටතේ පසුවන, විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලබාදුන් බවයි.

TRENDING POST