Image

ආරක්ෂක අමාත්‍යංශය තීරණයක් ගනී.. ගිනි අවි සහ ගිනි කෙළි සෙල්ලම් අවසන්.!

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවිල් පුද්ගලයන්ට ගිනිඅවි නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු වෙනසක් ගෙන එමින් නව නීති රීති පනවා ඇත. ඒ අනුව, එක් පුද්ගලයෙකුට ලබා දෙන ගිනිඅවි ගණන එකක් දක්වා සීමා කිරීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ගිනිඅවි සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය නැවත විමර්ශනය කිරීමෙන් අනතුරුවය. ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි, ගිනිඅවි එකකට වඩා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ ඉල්ලීම් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබන අතර, එම විමර්ශනයේ ප්‍රතිඵල මත තීරණ ගනු ලැබේ.

මෙම විමර්ශන ක්‍රියාවලියේදී බුද්ධි අංශවල සහාය ලබා ගනිමින් අදාළ පුද්ගලයාගේ පසුබිම පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කරනු ලැබේ. ජීවිතයට තර්ජනයක් පැවතීමේ අවදානමක් නොමැති බව තහවුරු වුවහොත් ඔහු සතු ගිනිඅවි යළි ආපසු ලබා ගැනීමට ද කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විටත් සිවිල් පුද්ගලයන් සඳහා නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරෙමින් පවතී. මෙම සමීක්ෂණයට අනුව මේ වන විට සිවිල් වැසියන් වෙනුවෙන් ගිනිඅවි 1550ක් පමණ නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

TRENDING POST