Image

රාත්‍රී කාලයේ කොළඹ මාර්ගවල උගුල් අටවා කොල්ලකන කල්ලියක් .!

අඹතලේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ රාත්‍රී කාලයේ රථවාහන කොල්ලකෑම් සිදුවන බවට තොරතුරු වාර්තා වේ. කොල්ලකරුවන් විසින් ඇණ ගැසූ ලෑලි යොදා මාර්ගයේ ගමන්කරනා රථවාහන නවතා ඒවා කොල්ලකෑමට උත්සාහ දරන බව ප්‍රදේශවාසීන් පවසති.

මෙම ක්‍රියාවලිය කලක් තිස්සේ සිදුවන බවත්, ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද, තවමත් ඵලදායී පියවරක් ගෙන නොමැති බවත් ඔවුන්ගේ චෝදනාවයි.

විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරනා බැවින්, රාත්‍රී කාලයේ ගමන් ගන්නා ඔවුන්ගේ වාහන මෙලෙස කොල්ලකෑමට ලක්වීම ප්‍රදේශවාසීන් භීතියට පත් කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ක්‍රියාවන් පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පිරිසක් සිටින බවයි. මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

TRENDING POST