Image

ඉදිරි සති දෙක තුළ රටම අර්බුදයක.!

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉදිරි සති දෙක තුළ සහල් ආනයනය නොකළහොත් රට තුළ දැඩි සහල් හිඟයක් ඇති විය හැකි බවයි. සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් සෙවීම රජයේ වගකීම බවයි.

සේමසිංහ මහතා වැඩිදුරටත් ප්ලැවසූවේ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මඟින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් එසේ නොවුවහොත් නැවත නැවත මේ අර්බුදයට මුහුණ දීමට සිදුවන බවත් ය.

ඔහු අවධාරණය කරන්නේ බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් ලබා දීම නියාමනය කිරීම ඉතා වැදගත් බවයි.

මේ අතර, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා පවසන්නේ ගංවතුර හේතුවෙන් හානියට පත් වූ කුඹුරු සඳහා වන්දි ලබා දීම වෙනුවට ඒවා යළි වගා කිරීමට පියවර ගත යුතු බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.