Image

සිලින්ඩරයේ අවසන් මන්ත්‍රී ධුරයට කංචන සූදානම්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2න් ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

එම පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ නම් අතරින් හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ නම යෝජනා වී ඇති බවද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සදහන් කරයි.

TRENDING POST