Image

ආනයනික බදු සමග වාහන මිල ඉහලට.. ලක්‍ෂ 40 වාහනය කෝටියයි

ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති.

වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.

ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබේ.

මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙනි.

ආනයනකරුවෝ කියා සිටිති. ඊට හේතුව වාහන ආනයන බදු ඉහළ යාම නිසා බවද ඔවුහු පවසති.

මේ අනුව, රුපියල් ලක්ෂ 80ත් 100 ත් අතර මිලකට අලෙවි කෙරුණු ටොයෝටා RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණද, රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මිලකට අලෙවි කෙරුණු AQVA මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100ක් පමණද වනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

BEZZA මෝටර් රථයක් ඉකුත් 2020 වසරට පෙර අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 30 ක පමණ මිලකටය. එහි නව මිල රුපියල් ලක්ෂ 75 ද ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම, එන්ජින් ධාරිතාවය 1500cc වැඩි මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 150ක් හෝ ඊට වැඩිවීමට නියමිත බව පැවසේ.

කඩිනමින් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇතැයිද වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.