Image

රට වටා නව ආයෝජන කලාප 5ක් ගොඩනැඟීමට ජනපති සැරසෙයි.!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවයි.

ජනාධිපතිවරයා මෙහිදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට පැවසූවේ ලබන වසරේදී රට තුළ නව ආයෝජන කලාප 5ක් ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවත් ඒ සඳහා රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබාදෙන බවත් ය.

රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ආයෝජන මණ්ඩලයට වගකීමද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහභාගී විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.