Image

කථානායකට ඉල්ලා අස්වෙන්න කියයි.!

මුහුනු පොතේ සටහනක් තබමින් පවසන්නේ කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ එසේ ඉල්ලා අස් නොවන්නේ නම්, ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

රන්වල පරීක්ෂාව!!!
==========

ආණ්ඩුව තමන් ජනතාව දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැමීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.