Image

සහල් මෝල් හිමියන්ගේ සෙල්ලම් අවසන්.. ජනපති අනුර මිල තීරණය කරයි.!

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත් රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදුන්නේය.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත් ඉන් පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබාදීම සිදු කරනු ලබන්නේද ගොවි ජනතාවට බව සදහන් කරයි.

වී මිලදී ගැනීම සදහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබාදී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට සදහන් කරයි.

ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර ඇත.

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.