Image

බාර් ලයිසන් දුන්නා තමා.. තවත් 300ක් දෙන්න හිටියේ.!

ලබාදුන් මත්පැන් අලෙවිසැල් බලපත‍්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන ලද එවා නොවන බවත් එම බලපත්‍ර සදහා ගාස්තුවක් රජය අයකර ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,

“බාර් ලයිසන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගාණක් එකතු කරගත්තා. මේවා සෘජු බදු නැතිව ආදායම් එකතු කරන මාර්ග. මේ බාර් ලයිසන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති. මං මොකටද කාටවත් අල්ලස් දෙන්නේ.? මේ එකක්වත් නොමිලේ දුන්නේ නෑ.

ඕනැ කෙනෙක් සල්ලි දුන්න නම් ලයිසන් එක දුන්නා. සමහර මන්ත්‍රීවරුනුත් බාර් ලයිසන් ගන්න සමහර අය එව්වා. ඒත් මම එක්කෙනෙක්ටවත් නිකං දුන්නේ නෑ. ඒ නිසා කාටවත් පෞද්ගලිකව මුදල් උපයා ගන්න ලැබුනේ නෑ. රටේ බාර් එක්දහස් ගාණක් තියෙනවා. අපි තවත් තුන්සිය ගාණකට ලයිසන් දුන්නා. ලබන වසරේ තව තුන්සියකට ලයිසන් දෙන්න හිටියේ.

මේවායින් මිලියන 15 බැගින් එකතු කළා නම් රාජ්‍ය ආදායමට කොච්චර මුදලක්ද. මේ බාර් ලයිසන් හොර රහසේ දීපුවා නෙමෙයි. මගෙන් ඉල්ලුවා නම් මම මීටත් කලින් මේ ලැයිස්තු දෙනවනේ. අනෙක, ඔය බාර් ලයිසන් තුන්සිය ගණනට සංචාරක හෝටලත් අයිතියි. සුරා බදු ආදායම් කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්.”

අල්ලස් වශයෙන් පසුගිය රජය මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.