පොල් මිල ඉහළ යාම හේතුවෙන් කතරගම දේවාලය ඉදිරිපිට බැතිමතුන්ගේ පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.
පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බවත් කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160කට පමණ අලෙවි වන බවද වාර්තා වේ.
කතරගම ඇතුළු දිවයිනේ බොහෝ ආගමික ස්ථානවල පොල් ගැසීමේ ශාන්ති කර්මය එකට එකක් අඩුවී ඇති අතර පොල් හිඟය හේතුවෙන් බැතිමතුන් පූජා වට්ටියට පොල් වෙනුවට තැඹිලි තබන බවද වාර්තා වේ.
තවද නවගමුව, සීනිගම දේවාලය, දෙවුන්දර දේවාලය, කැලණිය දේවාලය, ඓතිහාසික මහනුවර දේවාල පරිශ්‍රයන්, මිනුවන්ගොඩ ගලේ දේවාලය ඇතුළු රට පුරා පවතින දේවාලවල පවා මේ වනවිට පොල් ගැසීමේ කටයුතු අඩුවී ඇත.

