Image

ආයෙත් මිලියන ගණන් නිකරුණේ වියදම් කරන්නේ නෑ.. රජයෙන් දැඩි⁣ තීරණයක්.!

නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම විශාල වියදමක් දරන නිල නිවාස වලට නොගිය බවත් විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ 50ක් බවත් මෙයට අමතරව වෙළඳ අමාත්‍යාංශයේ මාසික කුලිය ලක්ෂ 65ක් බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සදහන් කරයි.

ඒ අනුව අධික කුලියක් ගෙවමින් විවිධ ‌ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇති බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සදහන් කරයි.

TRENDING POST