රට තුළ ඉහළ ගොස් ඇති පොල් මිල සහ හිඟය හමුවේ ජනතාවට සහනයක් ලෙස සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පොල් රජය සතු වතුවලින් ලබාගෙන සතොස ශාඛා ඔස්සේ පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පිහිටි සතොස ශාඛාවලින් මෙම පොල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දී ඇත.

