එළඹෙන උත්සව සමය හේතුවෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සදහා අනියුක්ත කර ඇති බවත් උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව පරීක්ෂාවට ලක්කරන බවද සභාපතිවරයා සදහන් කරයි.

