Image

නව රජයෙන් දීමනා අඩු කර ඇති බවට චෝදනාවක්.!

ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවීමට පියවර ගන්නා ලෙසයි.

විභාග කොමසාරිස් වරයා නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

“මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා. මේ විභාග කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අලුත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා මේ විභාග කොමසාරිස්වරයා නිකුත්කළ ලිපි දෙකක් සම්බන්ධයෙන්.

11 මාසේ පළමුවෙනිදා නිකුත්කළ ලිපියක් තියෙනවා. එම ලිපියට අනුව ශාලාවේ සිට ප්‍රවාහනය කිලෝමීටර් 10කට වැඩිනම් රුපියල් 1000ක් ගෙවන්න තීරණය කරලා තිබුණා. 12 වන මාසේ 8 වනදා විභාග කොමසාරිස්වරයා තව ලිපියක් යොමුකරලා තියෙනවා.

ඒකට අනුව ඒ රුපියල් 1000 ප්‍රවාහන දීමනාව රුපියල් 500කට අඩුකරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 5 සිට 10 දක්වා කලින් රු 750ක් තීරණය කරලා තිබ්බා. ඒක මේ වනවිට රුපියල් 400යි කියලා තීරණය කරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 2කේ සිට 5 දක්වා රු 500යි කියලා තිබුණු එක දැන් රු 300 දක්වා අඩුකරලා තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 2ට අඩුනම් රු 300ක් ගෙවපු එක රු 200ක් කරලා. දැන් විභාගයක් යන අතරතුර විභාග වැඩකරන්න එන ශාලාධිපතියන්ට ගෙවන්න තියෙනවයි කියලා ලිපියක් තියෙද්දී ඒ වෙනුවට අලුතෙන් මේ දීමනා අඩුකිරීමක් කරලා තියෙනවා. මේ හේතුවෙන් ශාලාධිපතිවරු බරපතළ ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තියෙනවා.”

TRENDING POST