Image

රියදුරු බලපත්‍රයට නව තාක්ෂණය එක් වෙයි.!

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව පවසන්නේ, දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුර බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිත අතර නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් එම ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තෙක් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.