රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම 2024 දෙසැම්බර් මස (15) වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණි.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකු වලින් ලබාගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වූ බව අමාත්‍යවරයා සදහන් කරයි.
තවදුරටත් පරාටේ නීතිය අත්හිටුවීම දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවත් ඒ අනුව මෙලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

