Image

ඉන්ධන රැගෙන ආ නෞකාව බඩු නොදීම ආපසු හරවා ගිහින්.!

මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළගාවූ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වේ.

මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ එම නෞකාව පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් ඇති අතර ඉන්ධන පිරවුම්හල් සම්බන්ධ අභ්‍යන්තර ගැටළුවක් හේතුවෙන් සමාගම නෞකාව නැවත හරවා යවා ඇති බව සඳහන්.

අදාල සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට එකඟ වී ඇති නමුත් ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් ලබා දීම හේතුවෙන් ආයතනයේ අභ්‍යන්තර ගැටලුවක් නිර්මාණය වී ඇති බැවින් අදාල සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, නෞකාව ඉන්ධන තොගය සමඟ නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.

කෙසේවෙතත් එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.