Image

හඳුනා නොගත් රෝගයක් ප්‍රදේශ රැසක පැතිරෙයි.!

මේ වනවිට හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් යාපනය දිස්ත්‍රික්කයේ පැතිර යන බවත් එම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සදහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් සදහන් කළාය.

උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ පවත්වන බවද වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් සදහන් කළාය.

පසුගිය 2023 වසරේ දිවයින පුරා මී උණ රෝගීන් 9,000කට අධික පිරිසක් වාර්තා වූ බවත් ඉන් රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වූ බවත් මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවද වෛද්‍ය කුමුදු වීරකෝන් සදහන් කළාය.

තද උණ, තදබල මස්පිඬු වේදනාව හා ඇස් රතුවීම, මී උණ රෝගයේ රෝග ලක්ෂණ වන අතර ඒ සමග වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකි බවද සදහන් කළාය.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වා ගත හැකි බවත් එසේ නොවුනහොත් වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ශරීරයේ අවයව සදහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවද සදහන් කළාය.

TRENDING POST