Image

යුධ හමුදා බුද්ධි අංශ ගැන ආන්දෝලානාත්මක අනාවරණයක්.!

තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ පසුගිය 2 වැනිදා ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළ බව පැවසෙන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව, කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර මහත්මිය විසින් පොලිසියට නියෝග කර සිටියේ එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසයි.

පසුව පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.

උද්ඝෝෂණය අතරතුරදි විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහගත් පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවූ අතර එම අවස්ථාවේ කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබුණි.

සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසුවේ, නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එම අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් ය.

අදාල පුද්ගලයා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය කටයුතු කර නොමැති බවද පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසට හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.

නීතිඥ ශාන් රණසූරිය, දසුන් නාගස්හේන, කමල් විජේසිරි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සැකකාර පාසල් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියා.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සංවිධානය කර ඇත්තේ ද පොලිසිය බවත් එහි සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේද පොලිස් නිලධාරීන් පිරිසක් බවත් පවසමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ විත්තියේ නීතිඥවරුන් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයට කිසිදු විශ්වාසයක් නොමැති බවද අධිකරණයට පෙන්වා දුන්නා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.