Image

ප්‍රමිතියෙන් බාල ඖෂධ රට ඇතුළේ.. 8ක් ඉවතට.!

ඖෂධ වර්ග අටක ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මතු වීම නිසා ඉකුත් සතියේදී පමණක් භාවිතයෙන් ඉවත් කළ බව වෛද්‍ය සැපයුම් ඒකකය නිල වශයෙන් තහවුරු කළ බවට වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියේ සඳහන් වේ.

ඒ අනුව Merapeum, Cefotaxime, imipanum, Cilastatin, Lorazepam, Calcium Gluconate, iy Cindamicine ඇතුළු ඖෂධ දින දෙකක් තුළ භාවිතාවෙන් ඉවත් කළ බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව අනාවරණය වේ.

මේ වනවිට රට තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ ප්‍රමිතිගත තත්ත්වයන් යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවන් බිඳ වැටී ඇති බවත් එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු නිලධාරීන් අසමත් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

ඖෂධ වල ගුණාත්මක භාවය අඩු නම් එම ඖෂධ ගෙන්වන සමාගම් ඊට වගකිව යුතු බවත් එමගින් රජයට සිදුවන පාඩුව අදාළ ආයතන වලින් අයකර ගැනීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

මේ අතර ඖෂධ වර්ගවල සෑම කාණ්ඩයක්ම භාවිතයට ගැනීමේදී පරීක්ෂාවට ලක්කරන බවත් එසේ පරීක්ෂා කිරීමේදී යම් ප්‍රශ්නයක් පැවැතිය හොත් එකී කාණ්ඩයම ඉවත් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි සදහන් කරයි.

TRENDING POST