Image

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතරට 40ක් පොර කෑ හැටි.!

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහ සඳහා හතළිහකට වඩා පොර කෑ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක් වූ විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම් ඇතුළත් කර ජාතික ලැයිස්තුවට විසිනව දෙනෙක් ඇතුළත් කර තිබූණේය.

අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉඳුනිල් තුෂාර, ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු විශාල පිරිසක්ද එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා තිබූ බවද සඳහන්ය.

එහෙත් සමගි ජන බලවේග පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 5න් එක් මන්ත්‍රී ධුරයක් සදහා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මුලින්ම පත් විය.

අනතුරුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 4න් මන්ත්‍රී ධුරයක් ඉල්ලා හතළිස් දෙනෙක් පමණ ඉදිරිපත් වූ අතර ඒ අතරින් හතර දෙනෙක් තෝරා ගැනීම බරපතළ අභියෝගයක් වූ බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් සමගි ජන සන්ධානයට සහාය දැක්වූ පක්ෂ වලට උපරිම සාධාරණය ඉටු කරමින් එම ප්‍රශ්නය නිරාකරණය කරගනිමින් ඉතිරි මන්ත්‍රී ධුර හතර සදහා මන්ත්‍රීවරුන් නම් කිරීමට කටයුතු කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.