Image

නව ආණ්ඩුවේ පාස්කු විමර්ශන සතුටුදායකයි.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ නැවැත් වූ තැනින් යළි පටන් ගෙන තිබෙන බැවින් ඒ තුළින් සාධාරණයක් ඉටු වනු ඇතැයි විශ්වාස කරන බවද සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

නව ආණ්ඩුව පත්වී තවම සුළු කාලයක් වුවද පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් මෙතෙක් පැවැති පරීක්ෂණ මන්දගාමීව සිදු කෙරුණ බවද සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

ප්‍රහාරය සම්බන්ධ සාක්ෂි බොහොමයක් මග හැරීම කනගාටුවට කරුණක් බවත් ප්‍රහාරයෙන් මියගිය හා ඉන් අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු වන තුරු අවදියෙන් සිටින බවද සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

TRENDING POST