මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ ග්‍රාමීය වශයෙන් පවතින ගැටළු විසදීම සදහා අදාළ පොලිස් ස්ථානවලට සුදුසු අවංක සහ අදූෂිත ස්ථානාධිපතිවරුන් සහ නිලධාරීන් පත්කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ඉදිරියේදී දරුවන් සහ ජනතාවට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් ජනතාව සහ පොලීසිය අතර පළුදුවී ඇති විශ්වාසය ගොඩනැගෙනු ඇති බවත් ඔහු පවසයි.
අමතරව, පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමටද මේ වනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
“ගම් මට්ටමේ පහළම ආයතන හැටියට පොලිස් ස්ථානය තමයි තියෙන්නෙ, ඒකට අවශ්‍යය සුදුසු නිලධාරීන් සහ ස්ථානාධිපතිවරු පත් කිරීම තමා අපේ අභිප්‍රාය. නීතිය හදන්ඩ ඉස්සරලා පොලිසිය නිවැරදිව නීතිගරුක වෙන්න ඕනෑ, ඉතින් ඒ කාර්යය අපි කරපුවම බොහෝ දේවල් නිවැරදි වෙයි. ඒ වගේම අනෙකුත්ත අපචාර අපරාධ සම්බන්ධෙනුත් සෘජු ක්‍රියාමාර්ග ගන්න සුදුසු පොලීසියක්, මහජනයා සමග කටයුතු කරන්න පුළුවන් මහජනයාගේ විශ්වාසය දිනාගත් පොලිසියක් අවශ්‍යයි.
දැන් පහුගිය කාලේ පොලිසියට අත්වුනු ඉරණම තමයි මහජනයා පොලිසිය විශ්වාස කරේ නෑ. තොරතුරක් පොලිසියට ලබා දෙන්නේ නෑ ඒ විශ්වාසය නැවත ගොඩනගන්න අවශ්‍යයි. බහුතරයක් පොලිස් නිලධාරීන් ඉතාම අවංකව රාජකාරි කරා, සුළුතරයකගේ ක්‍රියාකාරකම් විසින් සහ ආණ්ඩුවේ දේශපාලනීකරණය සහිත නිලධාරින් ඉහළ තැන්වල ස්ථානගත කිරීමේන් ඇතිවෙච්ච ප්රතිවිපාකයන් රාශියක් තියෙනවා, ඒවා ඉවත් කිරීමත් අපේ අරමුණක්. “

