Image

කථානායකගෙන් ආදර්ශය දී හොර උපාධි ශ්‍රමදානයට ආණ්ඩුව අත ගහයි.. පළමු වටයෙන්ම ගුරුවරු 14ක් ගෙදර.!

උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසූවේ ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කිරීමට පියවර ගත් බවයි.

මෙසේ සේවයෙන් නෙරපා ඇත්තේ පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බදවාගත් උපාධිදාරි පුරප්පාඩු සඳහා ව්‍යාජ ලේඛන සහ සුදුසුකම් ඉදිරිපත්කරමින් සමබන්ද වූ ගුරුවරු 14 දෙනෙකි.

මෙම ව්‍යාජ උපාධිදාරීන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ, අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරැ කරගැනීමෙන් පසු මෙලෙස සේවයෙන් නෙරපාහැර ඇති අතර ඔවුන් වසර 8ත් වසර 25ත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කර ඇත.

මෙම උපාධිදාරින් ගුරුපත්විම් ලබාගැනිම සදහා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් පවා අධ්‍යාපනය හැදැරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බව සිදුකළ විමර්ශණ වලදී අණාවරනය වී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.