සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර ඇති පරිදි පසුගියදා චීනය විසින් මෙරට සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ උත්සවයට සහභාගීවූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතින් සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් විශාල රාජතාන්ත‍්‍රික ගැටලුවක් ඇතිවී තිබේ.
පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් පැවසෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා පැවති උත්සවයේදී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අත්වැරදීමකින් මහජන චීන සමූහාණ්ඩුවේ (People’s Republic of China (PRC) ඓතිහාසික සතුරෙකු ලෙස සැලකෙන ‘චීන ජනරජයට’ ( ‘Republic of China’ ROC – තායිවානය) වෙත එම ප්‍රධානය වෙනුවෙන් ස්තුති කර ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප මෙරට චීන තානාපති කාර්‍යාලයෙන් කළ විමසීමකදී පැවසූවේ එවැනි රාජතාන්ත්‍රික ගැටළුවක් සම්බන්ධයෙන් මේ වනතෙක් චීන සමූහාණ්ඩුවෙන් හෝ චීන බලධාරීන්ගෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත්වී නැති බවයි.
එමෙන්ම එවැනි අත්වැරදීමක් සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික අර්බුදයක් ගොඩනැගීමේ කිසිදු හැකියාවක් නොමැති බවද එහි ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.

