Image

රටින් ගිය බැසිල්ට ආයෙ ලංකාවට එන්න බෑ.!

මේ වනවිට අමෙරිකාවට ගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැති බවත් තමාට ද අමෙරිකාවට යාමට බැරි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.

හිටපු තානාපති උදයංග වීරතුංග සදහන් කළේ,

“මට ඇමරිකාවට යන්න එහෙම ලොකු වුවමනාවක් නැහැ. මම යන්න කැමැතිත් නැහැ. මට ඇමරිකාවට යන්න බෑ. ඒ වගේම බැසිල් අයියට ආයේ ලංකාවට එන්නත් බෑ.

ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මට පළමුවැනි ඇමරිකානු වීසා එක නිකුත් වෙන්නේ මීට අවුරුදු තිහකට කලින්. ඒ කියන්නේ 1987 අවුරුද්දේ අගෝස්තු මාසයකදී. එතකොට මම සෝවියට් රුසියාව කියන සමූහාණ්ඩුවේ අධ්‍යාපනය ලබන සිසුවෙක්.

ඒ වීසා එක මට ලැබෙන්නේ ඇමරිකාවේ ඉන්න මගේ සහෝදරයෙක් බලන්න යන්න. එතකොට මම ඔවුන්ට ඉදිරිපත් කළේ මගේ සහෝදරයා මට එවපු ලියුමක්. ඒක තිබුණෙත් සිංහලෙන්. ඒ ලියුම බලලා තමයි එයාල මට අවුරුදු පහකට ඇමරිකානු වීසා නිකුත් කළේ.

2018 මාර්තු මාසෙන් පස්සේ මගේ ඇමරිකානු වීසා එක අවලංගු වෙන තාක් කල් මට ඇමරිකානු විසා ලැබුණා. ඒකත් ඒ විදිහට තහනම් වෙන්නේ මේ රජය මට රතු වරෙන්තුකරුවෙක් ලෙස නම් කරපු නිසයි.

ඔවුන් මට චෝදනා කරන්නේ මිග් යානා ගනුදෙනුවටනේ. මට ඒ එල්ල කරපු චෝදනා අධිකරණයේදී ඔප්පු වෙලා, මම මේ මිග් යානා ගනුදෙනුවට සම්පූර්ණ වග කියනවා කියලා උසාවිය තීන්දු කළොත් තමයි මම හොරෙක් වෙන්නේ.”

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මේ බව සදහන් කරයි.

TRENDING POST