Image

ලොකු අයියයට එරෙහිව පොඩි මල්ලිලා ගැන්සි බහී.!

විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව තුළ සියලු පක්‍ෂ එක්ව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව මූලික කරුණු දැක්වීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් සිදුකර ඇති අතර 159ක මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේග ආණ්ඩුව සමග කටයුතු කිරීමට නම් ඉතා ශක්තිමත් විපක්‍ෂයක අවශ්‍යතාව මතුව ඇති බව ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙන්වාදී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්‍ෂ මීට යම් අනුකූලතාවක් පෙන්වා ඇති බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර සර්වජන බලය, දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමක් සිදුකර නැතැයිද වාර්තා වේ.

කෙසේවෙතත් මෙම පක්‍ෂ සමඟද විපක්‍ෂ නියෝජිතයන් ඉදිරියේදී සාකච්ඡා කිරීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.

TRENDING POST