හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ එළඹෙන (22) වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙවර සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් දෙසැම්බර් (27) වැනිදා අතල් බිහාරි වප්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
සතියකට වැඩි කාලයක් හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර ඉන්දියාවේ පෞරාණික ස්ථාන නැරඹීම සදහා වැඩි කාලයක් වෙන් කර තිබෙන බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි අවස්ථාව මෙයයි.