Image

ජන වරම අපිට අදාළ නෑ.. ඒ කාලෙ රඟපු හැටි අපිට මතකයි.!

අද (18) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභා නායක විමල් රත්නායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

ස්ථාවර නියෝග යැයි පවසා චමින්ද විජේසිරි මහතා අදාල නොවන ප්‍රශ්න අසමින් දිගින් දිගටම බාධා කළ අතර ඔහු විසින් සභාව නොමග යවනා බවට ආණ්ඩු පක්ෂයේ සංවිධායක නලින්ද ජාතිස්ස මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව, දිගින් දිගටම චමින්ද විජේසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් උණුසුම් වචන හුවමාරු සිදුවිය.

එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන් සභා නායක විමල් රත්නායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් කිහිප වතාවක්ම පැහැදිලිකිරීම් සිදුකළ අතර වචන හුවමාරුව විවාදයක් දක්වා දුරදිග ගියේය.

එහිදී චමින්ද විජේසිරි මහතා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩු පක්ෂයේ ජනවරම තමන්ට අදාළ නොවන බවත් තමා පාර්ලිමේන්තුවට පැමිණියේ ආණ්ඩු පක්ෂයේ ජනවරමින් නොවන බවත් බැවින් බදුල්ල ජනතාව නියෝජනය කරමින් ාණ්ඩු පක්ෂය ප්‍රශ්ණ කිරීම තමාගේ අයිතියක් බවයි.

කෙසේ වෙතත් කාලය කා දැමීමක් බැවින් සභානායක විමල් රත්නායක මහතා චමින්ද විජේසිරි මහතා විසින් නැගූ අතුරු ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.