Image

වාහන සිහින බොඳ වෙයි.! ලක්ෂ 70ව කෝටි 2ත් පනී.!

වාහන ආනයනකරුවෝ පවසන්නේ, රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, වාහන සඳහා අය කරන ඉහළ බදු ආදී කරුණු නිසා ආනයනික නවීන වාහන මිල ගණන් ඉකුත් 2020 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ජපානයේ ටොයෝටා කෝස්ටර් මාදිලියේ ලද බස් රථයක් මෙරටට ආනයනය කිරීමෙන් පසුව අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකකට වැඩි මිලකට බවයි.

පසුගිය 2020 වසරේදී ටොයෝටා සමාගම විසින් රුපියල් ලක්ෂ 70 කට අලෙවි කරන ලද බස් රථයක මිල වර්තමානයේදී රුපියල් කෝටි දෙක ඉක්මවා ඉහළ ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.

වාහන ආනයනය කිරීමේදී එන්ජින් ධාරිතාව මත 1 CC සඳහා රුපියල් 2,500 ත් රුපියල් 3,500 ත් අතර මුදලක් රේගුවට බදු වශයෙන් ගෙවිය යුතු අතර 18%ක වැට් බද්දක් ද අය කෙරේ.

මේ වන විට රුපියල අවප්‍රමාණය වී ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් වාහන ආනයනයේදී වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවත් මේ හේතුව මත වාහන ආනයන ගාස්තුද ඉහළ යන බවත් ආනයනකරුවෝ පවසති.

මීට අමතරව ජපානයේ වාහන වෙන්දේසිවලද වාහන මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බැවින්, ජපානයේ භාවිත කළ සහ එකලස් කරන ලද වාහන අතර මිලෙහි විශාල පරතරයක් නොමැති බවද ඔවුන් පවසති.

ජපානයේ ටොයෝටා සමාගමේ නිෂ්පාදිත නව බස් රථ ලබන වසරේ (2025) ජනවාරි මස අග වන විටදී මෙරට වාහන වෙළෙඳපොළට ලැබීමට නියමිත බව වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.