Image

රජයේ නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත් කරයි.!

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් 2025 වසරට අදාළ දින දර්ශනය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩිම නිවාඩු ගණනක් අප්‍රේල් මාසයේ යෙදී ඇත.

ජනවාරි (13) සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි (14) අඟහරුවාදා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි (04) අඟහරුවාදා – නිදහස් සමරු දිනය
පෙබරවාරි (12) බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි (26) බදාදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු (13) බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු (31) සඳුදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් (12) සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් (13) ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් (14) සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් (15) අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
අප්‍රේල් (18) සිකුරාදා – මහ සිකුරාදා දිනය
මැයි (01) බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
මැයි (12) සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි (13) අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජුනි (07) සෙනසුරාදා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
ජුනි (10) අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි (10) බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු (08) සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් (05) සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
සැප්තැම්බර් (07) ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් (06) සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් (20) සඳුදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් (05) බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් (04) බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් (25) බ්‍රහස්පතින්දා අඟහරුවාදා – නත්තල් උත්සව දිනය

රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.