Image

රජයේ අලුත්ම වැඩසටහන පළමුවැනිදා සිට අරඹයි.!

ලබන පළමුවැනිදා සිට Clean Sri Lanka වැඩසටහන ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සදහන් කරයි.

සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සදහා Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරිමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කෙරිණ.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම කාර්ය සාධක බලකායට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, යුධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විතය.

Clean Sri Lanka වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.