Image

ශ්‍රී ලංකාව පොලු තැබීම් අඩු රටක් ලෙස නම් කරයි.!

අන්තර්ජාතික ෆිට්ච් රේටින්ග්ස් වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව ණය පැහැර හරින ලද රාජ්‍යයක් (CCC-) යන මට්ටමේ සිට ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම (CCC+) දක්වා මේ වනවිට ශ්‍රේණිගත කර තිබේ.

ෆිට්ච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් ප්වසන්නේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකත්වය ඔස්සේ නැවත වරක් ණය පැහැරහැරීමේ අවදානමකට ලක්වීම අවම වී ඇති බවයි.

දරුණු ආර්ථික පසුබෑම හමුවේ 2022 අප්‍රේල් සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීමත් සමඟ ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් විය.

ඒ අනුව, මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ වූ අතර පසුගිය සතියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට හැකිවීමෙන් පසුව මෙම ෆිට්ච් රේටින්ග්ස් ශ්‍රී ලංකාව සඳහා නව ශ්‍රේණිය ලබා දී තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.