Image

බලපෑම් කරොත් කරදර වෙයි.. බස් ගැමුණුගෙන් තගක්.!

නොයෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය සහ මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් බස් රථ සහ බස් රථ රියදුරන් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ විශේෂ වැඩ පිලිවෙලක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර ජනතාවට වඩා ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම එහි අරමුන බව පොලිස් මූලස්ථානය පවසයි.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මගී ප්‍රවාහනයට බාධ එල්ල වන පරිදි අනවශ්‍ය ආකාරයෙන් එම පරික්ෂා කිරීම් සිදු කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි.

මේ අතර ප්‍රධාන මාර්ගවල බස් රථ පරීක්ෂා කිරීම් සිදු කිරීමේදී යම් තදබදයක් ඇති වීමේ හැකියාවක් පවතින බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසයි. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේ අදාළ පරීක්ෂා කිරීම් බස් නැවතුම්පළ තුළ සිදු කිරීමට හැකිනම් වාහන තදබදය අවම කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.